• විනාඩි පහක් කතා නොකර සිටීම
අපේ ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් කියන්නෙ කතා කරන්න ගියාම නොනවත්වා කතා කරන කෙනෙක්. සංචාරයකදි අපි ටීම් එක බස් රථයක ගමන් කරමින් සිටියේ. සුපුරුදු පරිදි එකිනෙකා එක එක දේ ගැන කතා කරමින් ගියේ. හරි අද අපි තරගයක් පවත්වමු. විනාඩි පහක් කතා නොකර සිටීම තමයි මේ තරගයේ ස්වභාවය වුණේ. ඔන්න ඉතින් ඔක්කොමලා සයිලන්ස්. හැබැයි තත්ත්පර කීපයකට විතරයි. මුරලි සුපුරුදු පරිදි එයාගෙ කතාව පටන් ගත්තා. අපට නොනවත්වා හිනා ගියා.
• එංගලන්තයේ දී ඩ්රැකියුලා ෆිල්ම් එකක් බලලා එන අතරේ චණ්ඩි කොලු රෑනකට මැදිවීම.
වතාවක් එංගලන්තයේ දීර්ඝ සංචාරයක් යෙදී තිබුණා. ඉතින් විවේකයක් ලද මොහොතක කළමණාකරුගේ අවසරය ඇතිව මම සනත් අයියා, රුචිර පෙරේරා සහ තවත් දෙතුන් දෙනෙක් එකතුවෙලා හොල්මන් ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එක බලද්දි අපි සෑහෙන්න බය වුණා. ඒ බය එක්ක තමයි නැවත එන්න පිටත් වුණේ. එන්න තිබුණෙ පාළු පාරකින්. ෆයින් ගස් තිබෙන කැලෑවක් වගේ තැනක්. මිනිස්සුත් පෙනෙන්නට හිටියෙ නැහැ. මේ අතරේ එක පාරටම මෝටර් බයික්වල නැගි කොල්ලො කණ්ඩායමක් අපිව වට කරලා අපට ගහන්න වගේ හැදුවා. කර කියා ගන්න දෙයක් නැතුව අපි අසරණ වෙලා හිටියෙ. මේ වෙලාවෙ රුචිර පෙරේරා එයාගෙ ජංගම දුරකථනය අරගෙන ටී ෂර්ට් එක අස්සෙන් ගේ අර කොල්ලො වෙත යොමු කරලා. උඹලට දැන්යන්න යන්නෙ කියලා කෑ ගැහුවා. ඒ මදාවි කොලු රෑන වැටි වැටී දුවන්න පටන් ගත්තා. අපට නවත්ව ගන්න බැරි විදියට හිනා. හැබැයි එතැන හිටපු එක තරුණයෙක් රුචිරගෙ ජංගම දුරකථනයේ ආලෝකය දැකලා ආයෙත් පෙර විදියටම සෙට් එක අපි දිහාට ආවා. ඒ පාර නම් ඉතින් හරි වරෙල්ලා ගහගන්නනෙ ඕනෙ උඹලට කියලා මමයි රුචිරයි ඉදිරියට ගියා. ඒ පාර උන් ආයෙත් වේගයෙන් මෝටර් සයිකල් පදවාගෙන යන්න ගියා. අපි හෝටලයට ආවා. හැබැයි හොල්මන් ෆිල්ම් එක බලලා සනත් අයියා නම් හොඳටම බයවෙලා හිටියෙ.
කොහොමත් එංගලන්තෙ පරණ හෝටල්වල හොල්මන් තියෙනවාය කියලා කතාවක් තියෙනවා. මේ නිසා අපේ සමහර ක්රීඩකයින් තනියම කාමරේ නිදාගන්න පවා බය වූ අවස්ථා තිබුණා.
• ඇමරිකාවෙ සිට ගෙවන පවුල් දිවියේ විස්තරත් කියමු.
ජීවිතයේ දුක සැප බලන්නට කෙනෙක් ඉන්න ඕනෑ. ඉරේෂා මගේ බිරිඳ එක්ක අපි ජීවිතය දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. ඒක ලොකු හයියක්. විශේෂයෙන්ම මේ වගේ රටකට ආවාම තනියම ජීවිතය ගෙවීම ලෙහෙසි දෙයක් නෙවෙයි. බිරිඳ සහ දරු දෙදෙනා නිසා පාළුවක් නැහැ. සමහර වෙලාවට ලංකාවෙ හිටියට වඩා වැඩි කාලයක් පවුල සමග ගත කරන්න ලැබෙනවා. ඒකත් හොඳ දෙයක්.
• තවත් ශ්රී ලාංකීය ක්රිකට් ක්රීඩකයින් ඔබ සිටින පළාතේ සිටිනවද?
පුලස්ති ගුණරත්න සහ සජිත් ප්රනාන්දු එහෙම මෙහිදී හමු වෙනවා. ශ්රී ලාංකීය ක්රීඩකයින් බොහොමයක් ක්රීඩා කරන සෙන්චරි නමින් ක්රිකට් ක්ලබ් එකක් එහෙමත් තියෙනවා. ඉඳ හිටලා මාත් ඒ ක්ලබ් එකට ගිහින් එයාලා එක්ක පුහුණුවීම් කරන්නෙ ශරීර සෞඛ්යය පවත්වාගෙන යාමටයි.
More